Saturday, September 17, 2016

සාහිත්‍ය චක්‍රවර්තීලාගේ ලොජික්!

තමිලිනී - කමල්
උඹලා එකම කාසියක දෙපැත්තක්
හැබැයි අපි නෝට්ටු!
නිකං නෙවෙයි ඩොලර්!!
තමිලිනී රත්තරං
කමල් වැඩක් ඇත්තෙම නෑ!
හෙළුව වනල ලිව්වනම්
විශිෂ්ඨවෙන්න තිබ්බා!
අනේ උඹලගේ කුහක ලොජික්
වාඩිවෙයන් 
ඕක තියලා!




17 comments:

  1. ඔයා කියෙව්වද තමලිනිගේ පොත ඇත්තටම? ඒකෙ හුඟක් තැන්වල කොටින්ට වැරදුන ඒවා ලියල තියෙන්නේ. මජර් ජනරාල්ගේ පොත කියෙව්වේ නැති නිසා මුකුත් කියන්න බැහැ. ඔය යාපනේ පැත්තේ ඉපදුනා නම් තමලිනි කෙනෙක් තමයි. මොකද ඔයාට රට ගැන තියෙන කැක්කුම තමයි එයාටත් තිබිල තියෙන්නේ. හැබැයි එයා රට කියල හිතුව එක්ක කාගේද මනෝරාජික මිත්‍යාවක්. මැරෙන කොට ඒක තේරුම් අරගෙන තමා මැරිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් අජිත් වලිගෙ පාගගෙන.
      තමිලිනිගේ පොත අරගෙන කියවමින් පවතිනවා. නන්දිකඩාල් පොත ඉවරවෙලා! අද එනවලු. කරන්නාගොඩගේ පොතත් ගත්තා. තමිලිනී එයාගේ විප්ලවයේ වැරදුණු තැන් දැනගෙන ඉන්න ඇති.නැවත යුද්ධයක් ඇති නොවිය යුතුයි කියා ඈ ලියා තිබෙනවා. මෙතන ජාතිවාදි ප්‍රශ්නයක් නෑ මහත්තයෝ. මම සිංහලයෙක් විදියට තමිලිනී දෙමළියක් විදියට අරන් ලියලා නැති බව ඔහේ තේරුම් ගනීවි කියලා බලාපොරොත්තුවකුත් නැහැ. පැහැදිලි කොරන්න මට කැක්කුමකුත් නැහැ.සමහරක් පණ්ඩිතයෝයි කියලා කොටින්ගේ විලිරුදාවන්ට වින්නඹුකම් කරන උන්දැලා තමිලිනීගේ පොත උඩ දානවා කමල්ගෙ පොත ලිවීම වරදියි කියමින් හෑල්ලු කරනවා..අන්න ඒව ගොන් පාට්. තේරෙන සිංහලෙන් කියන්නේ ඒකයි.මොකද එහෙම උන්දැලාට මගෙන් විනීත පිළිතුරක් නැහැ.

      Delete
    2. තමලිනිගේ එක විප්ලවයක් කියල හිතන එක පලවෙනි වැරැද්ද? කොහෙද එතන විප්ලවයක් වුනේ. දෙමල මිනිසුන් හැමෝටම ඔය කියන එක ඕන වෙලා තිබ්බේ නැහැ. ඔයාට තරහ ගිහි මේ උත්තරය ලියල තියෙන්නෙත් එහෙම හිතල තමා. අර පහල විභීෂණ කිව්වා වගේ ඔය දෙපැත්තම අත්‍යවශ්‍ය කියැවීම්. තමලිනිගේ පොත එයාගේ සටන උඩ දාල නැහැ. දෙමල මිනිසුන් කෙළ ගහපු විධිහ නම් ලියල තියනවා. අනික තමලිනි පොතේ ආදායම දෙන්න කියල තියෙන්නේ මහරගම කැන්සර් හොස්පිටල් එකට. දුප්පත් පැල්පතක ඉන්න අම්මට වත් නෙමේ. කමල් ගුණරත්න මහත්මය ලිව්වේ ජයග්‍රහණයක් ගැන. එතන ඊට අදාළ විස්තර ඇති. නමුත් මම ඊට වැඩිය අගය කරනවා සමනය සෙබළුන් ගේ කතා.

      Delete
    3. හැබැයි මම ගුණරත්නම මහත්මයට විරුද්ධව ලියු ඒවා දැක්කේ නැහැ. සමහරවිට මට එහෙම යහළුවෝ නැතිව ඇති. මම ගොඩක් දැක්කේ එයට සහයෝගෙට දාපු ඒවා.

      Delete
  2. ක්ශේත්‍රයේ ප්‍රවීනයෙක් තමුන්ගේ අත්දැකීම් ඇසුරෙන් පොතක් ලියන එක,ඒක නොහිතූ ජනප්‍රියත්වයක් අත්කරගන්න එක ඉවසගන්න බැරුව බුකිය පුරා තටමන උන් දිහා බලනකොට අනේ අපොයි කියල හිතෙනවා බං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ගස්! මුංගේ ලොජොක්වලට අනුව මේජර් යුද්ධේ වවන් කාලා තමිලිනීගේ පොත හොඳයි. මේ දෙන්නම එකම යුද්ධයක දෙපැත්තේ හිටිය බවත් ඒ අත්දැකීම් දෙකම අනාගතයට අවශ්‍යබවත් මේ කාලකණ්ණි කුහකයන්ට තේරුම් ගන්න බැරිතරම්. මොකද උන්දැලා පට්ට රැඩිකල් නේ! සමබර නෑ හැබැයි රැඩිකල්!

      Delete
  3. අපි නම් කමල් ලොක්කගේ පොත මිල දී ගත්තා පුන්චි නෝනේ!

    ReplyDelete
    Replies
    1. මෙන්න කොල්ලෝ! :) මාත් ඒක ගන්න හොයද්දි පොත ඉවරයි.අද එනවයි කියලා තිබ්බා ආයිත්.

      Delete
    2. කැඃ කැඃ කැස්සක් ආවා කියහංකෝ

      Delete
    3. කක්කල් කැස්ස ද හිටං? :P

      Delete
    4. කැඃ කැඃ කැස්සක් ආවා කියහංකෝ

      Delete
  4. පොත් දෙකම කියෙව්ව.. තව අධිශ්ටානය ගෝටාගෙ යුද්ධය එහෙමත් කියෙව්වා.. මටනම් ඔක්කොම පොත්..:-)

    ReplyDelete
    Replies
    1. ඒකයි වෙන්න ඕන සහෝදරයා. මේ අහවලාගේ පුත්තු කියන විදියට හිටපු හෝ සිටින ත්‍රස්තවාදයට සම්බන්ධ අය ලියූ දේ අනුමත කළ හැකියි, අගය කළ යුතුයි. නමුත් ඒක ශ්‍රී ලංකා හමුදාවන්ට සම්බන්ධ අයෙකු කළොත් වැරදියි, යුද්ධය විකුණන් කෑමක් හෝ සල්ලි පෙරේතකමක්.තවත් සම+හරක් රැඩිකල් කියලා හිතන පට්ට ගොබ්බ ඩයල් කියන විදියට මේක ලේ රහ කිරිබත් කෑමක්! කොහෙන්ද බං අපි හිනාවෙන්න ඕන? එහෙනම් ලෝකේම තියෙන යුධ සාහිත්‍යය විනාශ කොරන්න වෙයි හිටං!

      Delete
  5. මචං පොත් දෙකම ගත්තා. තමලිනි කියවලා ඉවරයි. අනික කියවන්න පටන්ගත්තේ නෑ. මම පොත් කියවලා විචාර දෙන්න නං දන්නෙ නෑ. අපි පොඩි ලමයිනේ ආයුබොවන්ඩ.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ පව් උඹ බබා! නන්දිකඩාල් පොත තාම ගත්තේ නැහැ. හෙටවත් බලනවා. තමිලිනීගේ පොත කියවන ගමන්. ඒක පැත්තකින් තියලා එකෝමත් එක දවසක කියවන්න ගත්තා දයා ද අල්විස්ගේ..

      Delete
  6. මචං පොත් දෙකම ගත්තා. තමලිනි කියවලා ඉවරයි. අනික කියවන්න පටන්ගත්තේ නෑ. මම පොත් කියවලා විචාර දෙන්න නං දන්නෙ නෑ. අපි පොඩි ලමයිනේ ආයුබොවන්ඩ.

    ReplyDelete
  7. තමිලිනි ගේ පොත නේද ලංකාදීපේ සතිපතා යන්නේ.

    සමහර විට කමල් ගුණරත්නගේ පොතත් ටික කාලෙකින් පත්තරේ යන්න පුළුවන්.

    තමිලිනි ගේ පොතේ ගැන හොඳක් නැත. එත් එක අපිට විශේෂ වෙන්නේ තමිලිනි පොත ලියන්නේ අපේ සතුරු පාර්ශවයේ ඉඳගෙන වීම නිසයි.

    කමල් ගුණරත්න මත්තයාගේ හෝ මේ පැත්තේ ඉඳන් යුද්ද්ධය ගැන ලියාපු අනිත් අයගේ පොත් වල අපිට තියෙන විශේෂත්වය ඒ ලියාපු හැමෝම අපේ පැත්තේ කට්ටිය වීමයි.

    යුද්ධෙට නොගිය අපිට මේ පොත් දෙකෙන්ම යුද්ධේ පති දෙකම හොඳට අධ්‍යනය කරන්න පුළුවන්.
    ඒ අධ්‍යනය බොහොම වැදගත් වෙන්නේ මේක නිකම්ම නිකම් යුද්ධයක් නොව ලෝකයේ පලවෙනි වතාවට ත්‍රස්තවාදී සංවිධානයක් යුධමය වශයෙන් පරාජය කරපු යුද්ධයක් වීම නිසයි.

    ඒ නිසා යුද්ධය පිලිබඳ කවුරු කොයි පැත්තේ ඉඳන් කොහොම ලිව්වත් අපිට එව්වා වැදගත්.
    මේ පොත් කියෝලා අපි කරන්න ඕනා ආපහු කෙනෙක්ට මේ වගේ පොත් නොලියන්න වටපිටාවක් ඇති කරගන්න මහන්සි වෙන එක මිසක් ඒ ලියාපු පොත් මුල් කරගෙන එක එකා එක්ක මරාගන්න යාම නොවේය.
    යුධ මතක සටහන් තියෙන්න ඕනා මතක සටහන් විදියට විතරමය. එව්වා ප්‍රතින්නිර්මානය නොවිය යුතුය.

    ReplyDelete