Saturday, January 3, 2015

ලෙයට ලෙය..

එසේය ලෙය ගනකම්ය
ගලායන වතුරට වඩා..
නුඹට මට වාගේම
හැමෝටම පොදු සත්‍යය,
සමාජවාදියාට ඒකාධිපතියාට
උපාසකයාට මැරයාට..
ඉඳහිට තියරියෙන් බැහැරවන
නරුමයන්ද ඇත අප අප අතර
එකල්හී නරක් නම්
ලෙයට ලෙය නොසැලකීම
ගනිමු අපි ඉඟුරු දී මිරිස්
ඉතිහාසේත් කළ නිසා ඕනෑ තරම්!

8 comments:

  1. පරංගි යවන්නට
    ලංසි ගෙනා අපිට
    උන්ව යවනන්ට
    සුද්දෝ ගෙනා අපට
    ඉන්දු රිලව් යවන්නට
    කොටින්ට අවිදුන් අපට
    ඕකත් කජ්ජක්ද

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත බං..හැමදාම කොරල තියෙන්නේ ඒක තමා! :D

      Delete
  2. අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන් නැති මේ හැත්ත කවදාවත් හැදෙන්නේ නැහැ. වෙන රටවල් යන්නේ මාස්ටර් ප්ලෑන් අනුව . අපේ උන් කරන්නේ ගහන මාස්ටර් ප්ලෑන් කඩන එක

    ReplyDelete
    Replies
    1. මකසි..සිරාවටම..මුං වැඩක් කරන්නෙත් නෑ බලයට ආවම කරන එකාට කරන්න දෙන්නෙත් නෑ..පිදුරු මඩුවේ බල්ලෝ වගේ...

      Delete
  3. ඉගුරු අැති වුණාම මිරිස් වුණත් කෑවාම මොකද????? ඉගුරු නම් දැන් තිත්තයි හිටං

    ReplyDelete
    Replies
    1. කුගැගීපො
      මට නම් හිටං මිරිස් කන්න බෑ හිටං..:P

      Delete
  4. කොහොම කොහොමත්
    අපි දන්නේ
    ඉගුරු දී මිරිස් ගන්න පමණකි
    වෙනසක් ඔනෑම නං
    ඉගුරුත් මිරිසුත් දෙකම
    දූරි භූත කල යුතු;
    බැව් නොවැටහේද

    ReplyDelete
    Replies
    1. ඉඟුරුත් මිරිසුත්
      කන්නට හිතෙන
      උඹෙයි මගෙයි
      හිතයි දිවයි
      කපලා දාමු මහ මුහුදේ..! :D

      Delete