Friday, December 19, 2014

පරාල ඇණ කවි - 1 : ඇතැරුණු හීන

මේ අපේ බස්සි නගා මූණු පොතෙන් මට දුන්නු තෑග්ගක්..:) ඔන්න පළවෙනි එක ලිව්වා..හැබැයි කවි කීයක් ලියන්න ඕනද දන්නේ නෑ...කාටද චැලේන්ජ් කරන්නත් ඕනලු...:)




තැරුණු හීන

මාවතක් අද්දර වැටී
නුඹයි මමයි පෙර දිනෙක ඇහිලුව
නුඹෙයි මගෙයි හීන..

රන් හුයක අමුණාන 
එකතු කළ පොකුර
නුඹෙයි මගෙයි හීන..

කුහක කන්ටේනරයක 
හැපී සුණු විසුණු වුණ
නුඹෙයි මගෙයි හීන..

එකතු කර අලවන්ට
වෙර නොදා අතැර ගිය
නුඹෙයි මගෙයි හීන...

10 comments:

  1. ජීවිතය පුදුමයි කියා
    වෙනත් දෙදෙනෙකු දකින
    නුඹෙයි මගෙයි හීන

    ReplyDelete
  2. නුඹයි මමයි එකතු වෙලා ගත්ත හීන ලෝන් එකේ බර ටික ටික වැඩිවෙනකොටම නුඹ මාව දාල ගිහිං.
    අහිංසක මම පොලියත් එක්කම හීන ණය ගෙවනව......

    ReplyDelete
    Replies
    1. හී හී...මේ කජු කිරි කෙල්ලන්ට මොන ලෝන්ද? නිකං දුන්න සුදු වෑන් එක ගත්තා නම් ඉවරනේ? :P

      Delete
  3. බලන බලන අත ඉහිරුණු
    අනුන් විසින් උදුරාගෙන බලන
    අපේ අතින් ගිලිහුණු හීන......................

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. අනුන් විසින් උදුරාගෙන බලන අපේ කියා හිතූ අපි ඇහිලූ හීන :D

      Delete
  4. කව්රු කව්රුත් කරපු උපකාර වලින් අපිට අහිමි වූ අපේම හීන...

    ReplyDelete
    Replies
    1. හා හා දිලිනි..උපකාරෙකිනුත් අහිමි වෙච්චා තියෙනවා නේ ඇත්තටම අපිට?

      Delete
  5. අන්න බලන්න තනියා අක්කා මං ඔයාට කොරපු උදව්ව! දැන් බ්ලොගේ කවි පෝස්ට් පහක්ම වැටෙනවා! :P

    ReplyDelete
    Replies
    1. ඈ බොල බස්සියෝ..මම දැන් ඉතුරු කවි 4 ලිව්වේ නෑ නේ..:D

      Delete