Wednesday, June 18, 2014

ජාතිවාදියෝ සහ බුකියේ වීරයෝ!

අම්මට සිරිය! බුකියේ බැලු බැලු අත අතක් සහිත කහපාට ප්‍රොෆයිල් පික්ය.දශක තුනක යුද්ධයක් අවසන් කල මොහොතේ මෙහෙම සිංහ කොඩිවත් පෙනුණේ නැත.දැන් බලන කල බුකියේ සිංහල බෞද්ධ බල්ලෙක්වත් නැත.ඔක්කෝම ඇත්තේ සර්වාගමික සර්ව සාධාරණ නපුංසකයින්ය.සමහර මේ කහපාට පින්තූරය එල්ලාගත් උන්ගේ සැබෑ පැටිකිරිය දකිනා විට සිනහසෙන්නට වෙන්නේ පුටුවෙන් නැගිටලාය.ඒ තරමට උන් සර්ව සාධාරණය.සමහරුන්ගේ දෙමව්පියන් උප්පැන්නයට උවමනා නිසා දුන් ආගම මිසක ඇත්තටම උන්ට ජාතියක් ජම්මයක් කියා දෙයක් ඇත්තේම නැත.

පෝස්ටරයට හේතුව පහල වූ සිවිල් යුද්ධයක ලකුණුය.දැන් හැමෝම තොත්ත බබාලාය.ගැසූ එකෙක් නැත, සෙරෝම වැටෙන්නට කාලාය.දැන් මේ සියලු දේට හේතුව බොදු බල සේනාවය.ඒ රැස්වීම පැවැත්වෙන තෙක් එක මුසල්මානුවෙක්වත් වෙන ජාතියක එකෙකු දිහා රවලාවත් බලා නැත.උන් මල් දුන්නෙන් වැඩි අහිංසක බබ්බුය!

ඥානසාර හාමුදුරුවන්ගේ කතාවේ සමහර කොටස් සැර වැඩි බව හැබෑය.නමුත් එහෙම නොකියාත් බැරි අවස්ථා ඇත්තේ අපේ වසලයින්ට තම ඔළුවේ පහරා ගියත් වගේ වගක් නැති නිසාය.උන්වහන්සේ ඕවා කිව්වේ එළිපිටය.රහසේ කෙරෙන ඉගැන්නුම් ඊටවඩා බරපතලය.දැන් කෙලින් කියනා එකා නරක මිනිහාය, නොකියා යටින් ගේම දෙන එකා හොඳ එකාය.ඔය අපේ සමාජයේ ආකල්පමය ප්‍රශ්නයකි.මේ ජාති ආගම් ප්‍රශ්නවලට පමණක් නොව කොයි දේට ගියත් එහෙමය.හිනාවෙවි දෙකට නැවී ඇඟට මුත්‍රා කර ගියත් ඌ රත්තරංය.එසේ නැතිව මුත්‍රා බර බව කෙලින් කියූ එකා ජාතිවාදීය, ආගම්වාදීය, අප්සෙට්ය අරකය මේකය ලොවෙත් නැති එව්වාය.

අවංකවම කියනවානම් අපිට කෙළ කරගෙන ඇත්තේද, කරගන්නේද, කරගනිමින් ඇත්තේද, මතුවටත් කරගන්නේද අපි අපිමය.පක්ෂ, කුලමල, ආගම්, මතවාද නිසා බෙදී ඇත්තේ සිංහලයෝය.නානලා එහෙම බෙදෙන්නේ නැත.එසේම කොතැනක හෝ වේවා සිංහලයෙක්ට කෙළවන්නේ තවත් සිංහලයෙකි.ඌ පණපිටින් වළලනවා කීවොත් වල කපන්නට ඉස්සරෝම උදැල්ල අතට ගත්තොත් ඒ අපේම එකෙකි.නානලා කාව වලකට දැමූවත් තමන්ගේ එකෙකු වලකට දාන්නේ නැත.හැකි පමණ ඌ රැකගන්නවා මිස පෞද්ගලික මතිමතාන්තර වෛරී හැඟීම් ඊර්ෂ්‍යාපරවශ පළිගැනීම් උන්ට නැත.වර්ගයා පිලිබඳ උන්ගේ කැක්කුම එහෙමය.අපේ එවුන්ට කැක්කුම තමන්ගේ වර්ගයාගේ සතුට හෝ දියුණුව දැකීමය.

එසේම නානලා උන්ගේ උන්ට ඇර වෙන ජාතියකට දෙන්න යන්නේද නැත.අපේ උන්ට ඕනා කවුරු හෝ වේවා තමන්ට දීගෙන ඉන්ටය, නැතිනම් තමන් කාට හෝ දෙන්ටය!නැතිනම් ඔක්සිජන් නැතිවූවා වාගේ අමාරුව සකල සරීරය රිදුම් දෙන්නට වෙයි!

බුකියේ කොමෙන්ටු තොගයකි.ඕවාට නොයන එකෙකුගේ පවා ලේ කුප්පවන ගොන් කතා කියනා සමහර අන්තවාදියෝ සිටිති.නමුත් මා තවම දුටුවේ සිංහල බෞද්ධ කීපදෙනෙක් විතරය.අනික් උන් සේරම දැන් සර්වාගමිකය!දීමේ තරම කවරයෙන් පෙනේ!

අන්තවාදියෝ හැමතැනකම සිටිති.සිංහල සියල්ලෝම අන්තවාදී නැත.නමුත් අනික් පාර්ශවය ගැන එවැනි රෙකමදාරුවක් කරන්නට මට පෞද්ගලිකවම නම් කිසිසේත්ම හැකියාවක් නැත!හේතුව මටම මුහුණ දෙන්නට සිදුවූ උන්ගේ අන්තවාදීකම් සෑහෙන්න ඇති නිසාය.

දැන් අපේ උන්ට වී ඇති හෙණය, බෞද්ධ පන්සිල් පද පහේ බුද්ධාගම උතුම්ම ආගම බව, බෞද්ධ නොවන සියල්ලෝ අපිරිසිදු බව, එකඟ නොවන උන් මරණයට පත් කල යුතු බව නොකියවීමය.එසේ කීවාත් අපේ බත් ගිලින "ලෝකේට ෂෝ" බෞද්ධයන්ට ඇති වැඩක් නැත.ඒ තරමට උන්ට ආගම ගැන කල්පනාවක් තියෙන නිසාය.

හරිය, දැන් මහ පුටුවල සිට සියල්ලෝම සර්වාගමිකය.එතකොට, මේ රටේ ප්‍රධාන ආගම ඉස්ලාම්ද?? කවදා සිටද? 

ඔය දීගෙන දීගෙන යෑමේ කෙළවර, ෂරියා මෙහි රජවූ දාට, ඔය සර්වාගමික උන්ගේ අම්මලා මොනවා කරාවිද කියන එකය මට ඇති ගැටළුව!උනුත් කළු ලෝගු පොරවාගෙන කරන මගුලක් කරනු ඇත.තවත් කියැවෙන්නට එන ඒවා මෙහි ලියන්නට බැරිය!

ඔය සර්වාගමික බුහුපාවෝ මේ වග සිතා බැලීම වටී..
ඔය සාධාරණ පොර ටෝක්ස් දෙන තොප්පි මල්ලිලා අතරේ කීදෙනෙක් සුගතදාසයේ හෝ වෙන කොයි ලෝකෙක සිට හෝ ලංකාව පාකිස්ථානය හා ක්‍රිකට් ගසද්දී, ලක් පොළොව මත පශ්චාත් භාග තබාගෙන පකිස්ථානු කොඩි වනමින් උන්ට සප් එක දෙනවාද?දැන් ඔය නානලා කියන්නේ උන්ට නටන්නට නුදුන්නොත් ඉන්ටනැෂනල් අරීනා එකේ සහය ගන්නා බවය.ගත හැකිය!එහෙනම් ඔය අරීනා එකේ සහය ඇරගෙන (ඇයන්න වැරදීමක් නොවේ) ඒ රාජ්‍යයකට ගොස් ඕන එකක් කොරගතහැකිය!

දැන් අපේ අර උණකාරයන්ට මාර දුකය.තම්බි මල්ලිලාගේ තොප්පි හැලිලාය, උන්ට අරවා වෙලාය, මෙව්වා වෙලාය.ඒ සෙරෝම බුද්ධාගමේ වැරදිය!මුන්ගේ අම්මලා පව්ය!මොකද කියතොත් මුන්ට මෙහෙම එව්වා මෙව්වා වුණාට ඒ මිනිස්සු අඩුමගානේ මේ ලියන මොහොතේදීත් ගාථාවක් කියා මලක් පහනක් පූජා කොට සියළු සත්වයන්ට මෛත්‍රී කරනවා වන්නට ඇති නිසාය.එහෙව් මිනිස්සුන්ගේ දරුවෝ ඒ කිසිත් නොකොට සිංහල බෞද්ධවීම මදිපුංචිකමක් කොට සලකමින් කහපාටින් අතන වසාගන්නට තැත් කරති (ඒකත් කප්පාදු කරාවිය කියා සිතා වන්නට ඇත) 

මේ කියන්නේ මෙව්වා නොකියා ඉන්නට බැරි හින්දාය.දැන් සමහරු හිතන්නේ මම මහා ජාතිවාදියෙක්ය, ජාතිවාදය අවුස්සනවාය, අරවාය මෙව්වාය.මෙව්වා බලා ඉන්නට බැරි උන්දැලාට ඔය පිටුවේ උඩ කතිරයක් ලකුණු කොට තිබෙන්නේය.ඒ මත ක්ලික් කෙරූවිට ඔබ සුගතියට පත්වන්නේය!

අකමැත්තෙන් හෝ කියවා දිරවාගන්නට බැරි උන්දැලා වෙත්නම් බුකියෙන් මා අහක් කළාට කම් නැත.මන්දයත් බුකියේ ඉන්නා හැමදෙනාම සැබෑ මිත්‍රයන් නොවනා නිසාත්, මොකා මොන දේ සිතුවත් මට මගෙ අදහස කියන්නට කොන්දක් ඇති නිසාත්ය!

සමහර පිරිස් තමන්ටත් අන්‍යාගමික මිත්‍රයන් ඇතැයි කියා තම කට ලොක් කරවාගෙන නිවටයෝ සේ අර කහපාට එල්ලාගෙන සිටිති.එය ඔබගේ කැමැත්තය.මම මේ කියන්නේ තව යුද්ධයකට යන්නට කියා නොවේය, ආගමික සංහිඳියාවක් රටකට අවශ්‍යය.නමුත් එහෙමය කියා නපුංසකයන් වන්නට අවශ්‍ය නැත.නිවැරදි දෙයට නිවැරදි කියන්නටත්, වැරැද්දට වැරැද්ද කියන්නටත් ආගම හෝ ජාතිය පාවා දිය යුතු නැත.එහෙමයි කියා ආගමකට හෝ ජාතියකට තවකෙකුට බලපෑම් කල නොහැකිය.
මුසල්මානුවො ව්‍යාපාරවල සූරයෝය.එසේ කියා සිංහලයන්ට ව්‍යාපාර කළ නොහැකියැයි නියමයක් නැත.මුස්ලිම් ව්‍යාපාර ගැන කතා කිරීම අප්‍රසන්න වන්නේ ඔය උන් දැන් කියනා වර්ගවාදය වැඩිපුරම ක්‍රියාත්ම වන්නේ ඒවායෙදි නිසාය.ඒ පිළිබඳව මොකා මොනවා කීවද මට පාරිභෝගිකයෙකු ලෙස අප්‍රසන්න අත්දැකීම් ඇත.අනික් උන් කොන්ද ගෙදර තබා ශොපිං යනවාදැයි මම නොදනිමි.

එක දවසක සිදුවීමට සම්පූර්ණ සමාජයෙන් 2/3කටත් වඩා කහ ඇන්ඳෝය.ඇත්තය උන් අපූරුවට ඇඳ ගත්තෝය! හුරේය! නමුත් වසර පුරාවට ඔය හොඳ නානලාගේ අකටයුතුකම් අසධාරණකම්වලට ලක්වෙන අනික් ජාතීන් ගැන කතාවක් නැත!මේ ලියන මොහොතේත් එවන් අසාධාරණකම් මේ ලංකාවේ සතර දිග්භාගයේම සිදුවෙමින් ඇත.ව්‍යාපාර ස්ථානවල සිදුවෙමින් ඇත.අපේ උන්ට උපේක්ෂාව මතක් වන්නේ එතකොටය.ඔය උපේක්ෂාව ගැන කලකට කලින් අටමාගේ බ්ලොග් පිටුවේ අපූරු කතාවක් ලියා තිබුණි.ලින්කුව මෙතැනින්

අපිට කවදා හෝ කෙළවෙන්නේත් ඔන්න ඔය වාගේය.උපේක්ෂාව සෑම සියළු තැනටම ගැලපෙන්නේ නැත.ප්‍රඥාව කියාද දෙයක් ඇත.අන්න ඒ අහවල් එක දොරට අඩ තියා හෝ කහ පාටින් පාට කොරගත්තාට වැඩක් වන්නේ නැත.

මෙහෙමය, ඔය ඇස් වසා සිටින උන්දැලා අවබෝධ කොට ගත යුත්තේ මේ ටිකය.යුද්ධයක් අපට අනවශ්‍ය බව සැබෑය.යුද්ධයකට නොයා තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කරගන්නට නම් ඔය කුජීත එන් ජි ඕ දහන් ගැට නොකා, ඔය බහුභූත සර්වාගමික පච කෙළිය නවතා තමන්ගේ යන තැනකට වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ කොට ගත යුතුය.

නයා කියා රෙද්ද පල්ලේ දමාගෙන කිරි පොවන්නට එපාය කියන්නේ ඌට මල පැන්න වහාම රෙද්ද පල්ලේ ඇති වටිනාම දේට බඩු පැකට් වන නිසාය.එසේම නයාට කිරි පොවන්න එපාය කියනා උන්ට බැණ අඬගසා අපහාස කොට වැඩක් නැත්තේ උඹට නොපෙනෙන අන්තරාව ඒ වැඩිහිටියා දකිනා නිසාය.නයා ඩැහැගෙන ගිය පසු කොහොමටත් ඉතින් ලිංග භේදයකින් උඹට පලක් නැත.නයාද වස්තුවද කියා තීරණය කිරීම උඹේ වැඩකි.බඩු පැකට් වූ පසු නයාගේ වස්තුව උඹට අලවාගත නොහැකි බව තරයේ සිහි තබා ගත යුතුය.


12 comments:

  1. මම බෞද්ධයෙක් නොවන නිසා මේ ගැන හරියටම දන්නේ නෑ.ඒත් සුනාපරන්තයට ගිය පුණ්ණ හාමුදුරුවන්ගේ කතාව ආදර්ශ කතාවක් මම හිතන්නේ.

    අවිහිංසාවාදී බුදු දහම රැක ගැනීමට හිංසාව පෙරටු කර ගැනීමෙන් ඔබ බුදු දහම දූෂණය කරනවා නේද?කිළිටි බුදු දහමක් පවත්වා ගෙන යනවාට වඩා නොකිළිටි බුදු දහම නැති වී යාම වඩා අගනා නොවේද?

    ReplyDelete
    Replies
    1. හිංසාව පෙරටු කරගන්න කියා මම කිසිම තැනක කියලා නැහැ දිනුක.සමහර ආගම්වල වාගේ කපපියව් මරාපියව් කියා නිර්මල බුදු දහමේ උගන්වා නැහැ.ඒ නිසාම අපේ සමහර බයියලා වැරදි වැටහීමක ඉන්නවා එහෙම නොකිව් නිසා මොකා මොන දේ කලත් කරබාගෙන බුදු දහම විනාසවෙත්දෙන් කියා ඉන්නට ඕනා වග.මම කියන්නේ ඒ නපුංසක අදහස වැරදි බවයි.ගහමරානොගෙන ඇත්ත අවබෝධ කරගෙන තමන්ගේ ආගම ජාතිය විනාශයට යා නොදී බේරාගතයුතුයි.හැබැයි ඒ අනික් ජාතිය ඒ ගැන ක්‍රියාත්මක වෙන ආකාරයට නොවෙයි.සර්ව සාධාරණ ලෙස අද සමාජයේ ජීවත් වෙන්න නොහැකි බව ඔබටත් කවදාක හෝ දැනිලා ඇතිනෙ?අනුන් කරන පළියට හැමදේම කළ යුතු නෑ, නමුත් යථාර්තය දැකිය යුතුයි.කවුරු කොහොම වටහාගත්තත් මම ලියුවේ මට දැනෙන ඒ ඇත්තයි.මොකද අවසානයේ ඔය සාධාරණ දැක්ම තිබෙන්නෙ සිංහලයන්ට විතරයි.ඔබට නානලාගේ ඇත්ත මූණු දකින්න ලැබිල නැතිනම් ඔබට ඒ පෙනෙද්දී සෑහෙන්න ප්‍රමාද වෙලා තිබේවි.

      Delete
    2. Dinuka uba bauddayek neweinan nikan puka den nathuwa hitapan..ube wadak balaganin.pissu nan beheth ganin ..

      Delete
  2. නීතියට ඉහලින් තියෙන ආගමක් තියෙන්නේ ගොත්‍රික රටවල් වල...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.

      ඒ ආකල්පයෙන් බලද්දි එහෙනම් සවුදි රටවල් තාම ගෝත්‍රිකයි.හේතුව, එහේ වෙනම ආගමික පොලීසියක් තියෙනවා.ආගමානුකූලව හැසිරෙන්නේ නැතිනම්, හරාම් දේවල් කරනවානම් අනංමනං සේරෝම ගැන හොයන්නේ සහ දඬුවම් දෙන්නේ ඒකෙන්.

      අනික් අතට ලංකාවේ නීතියට ඉහළින් තියෙන්නේ ආගම නෙවෙයි දේශපාලනය.එතකොට ලංකාව ගෝත්‍රික නෙවෙයි ඊටත් එහා.

      අනික් අතට ඔය අපි කවුරුත් තාම ගෝත්‍රික මානසිකත්වයෙන් මිදිලා නෑ.අපේ පවුල, අපේ යාළුවෝ, අපේ අදහස, අපේ පක්ෂය, අපේ නෑයෝ, අපේ අපේ අපේ කියලා නාම විශේෂණ දාගෙන නැති කවුරුහරි ඉන්නවාද?

      Delete
    2. //අපේ පවුල, අපේ යාළුවෝ, අපේ අදහස, අපේ පක්ෂය, අපේ නෑයෝ, අපේ අපේ අපේ කියලා නාම විශේෂණ දාගෙන නැති කවුරුහරි ඉන්නවාද?//

      මනුෂ්‍යයා අතර මෙවැනි අය නොහිටින්න හේතුවක් නැහැනේ.. නමුත් අවශ්‍ය වෙන්නේ තමන්ගේ කියා වගේම අනුන්ගේ අයටත් තමන්ගේ කියා දේ, අය ඉන්නා බව සිතට ගැනීමයි

      Delete
    3. ඒක ඇත්ත.හැබැයි එක් පාර්ශවකට විතරක් එහෙම හිතන්න ඕන කියලා නියම කරන්න බැහැ.කියන තරම් හැමෝම සුදු නම් ද්විපාර්ශ්වික එකඟතාවක් තිබෙන්නට ඕන.අනික් ජාතිය මර්ධනය නොකර, බලෙන් ඉඩම් අල්ලා නොගෙන,උන් වඳකරන්නට මාන නොබලා තමන්ගේ තම්මැට්ටමක් කොරගෙන ඉන්නට අනික් උනුත් ඉගෙන ගත යුතුයි.එහෙම නැතුව එකෙක් විතරක් පැනලා බාරගෙන දංගෙඩියට හිස තියන්න ඕන නැහැ.මොකද ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැති නිසා.

      Delete
  3. මම කිසිම ආගමක් අදහන්නේ නැහැ.නමුත් සියළුම ආගම්වලට ගරුකරනවා.යුද්ධ පැවති කාලෙ එන් ජී ඕ කාරයන් සිංහල බෞද්ධ විරෝධී ස්ථාවරයක පසු වීම අපට දකින්නට පුළුවන් වුනා.දැනුත් මේ සිද්ධිය මුල් කර ගෙන ඥානසාරගෙන් එහාට ගිහින් සෝම,මඩිහේ පඥාසීහ,අනගාරික ධර්මපාල සහ තව එහාට ගිහින් බුදු හාමුදුරුවන්ටත් බනින්න පටන් අරන්.මේ අය සාමවාදීන් නොව බෞද්ධ විරෝධීන් .ඒකයි ඇත්ත.
    මේ කලබල වෙන්නෙ රණවිරු සැමරුම් නිසාලු කියල අලුත් කතාවකුත් මං දැක්කා.මේ අය තමයි ප්‍රභාකරන් ගැන විරු ගී ලිව්වෙත්.මෙච්චර කල් නිදා ඉදන් අලුත්ගම සිද්ධියෙන් පස්සෙ දැන් ඇහැරිලා.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙය ඇත්ත.ලංකාවේ බොහෝමයක් එන් ජී ඕ ක්‍රියාත්මක වන්නේ බෞද්ධ විරෝධී පසුබිමක් සහිතව.ඒක අපේ ගොයියලාට තේරෙන්නේ නැහැ.ලංකාවේ සමහර ප්‍රසිද්ධ පණ්ඩිතයෝ පවා එන් ජී ඕ දෙන සල්ලිවලට යටවෙලා තමන්ටම සහ රටටම වළ කපනවා.අපිට අන්තවාදීන් කිසිකලෙක දූරිංභූත කරන්නට බැහැ.බුදුන්ගේ ජේසුස්වහන්ස්ගේ කාලයේ පවා ඔවුන්ගේ අනුගාමිකයන් අතරේ පවා අන්තවාදීන් හිටියා.නමුත් එහෙමය කියලා අන්තවාදී ඉගැන්නුම් ඒ ආගම්වල දර්ශනයට එක්වෙලා නැහැ නේද?ඔන්න ඔය ටික කිව්වම ජාතිවාදී වර්ගවාදී ආගම්වාදී ලේබල් ඇලවෙනවා.සුද්ද සිංහලෙන් ඔය ටික කියන්නේ යමක්වෙන්නට කලින් බේරාගතයුතු නිසා මිසක් කොහේවත් කසනවාට නොවන බව සමහරුන්ට තේරෙන්නේ නැහැ.එක්කෝ උන්ට ඇත්ත දකින්න ඇස් නැහැ.එතකොට තමයි සාධාරණ පොරවල් වෙලා ඔය දඟලන්නේ.සිංහල බෞද්ධ කියන්නේ සීඝ්‍රයෙන් වඳවී යන ජාතියක්.එහෙව් ජාතියක් බේරාගන්න කිව්වම මේ ගොන් බයියලා හිතන්නේ ආගම්වාදය ජාතිවාදය පතුරනවා කියලා.ඒක මෝඩකම!ලෝකේ බොහෝමයක් රටවල තේරෙන ඇත්ත අපේ බයියලාට විතරක් තේරෙන්නෙ නැති එක කරුමයක් උන්ගේ.

      Delete
  4. මුස්ලිම් කියා ජාතියක් නැත. බොදු කියා ජාතියක් ද නැත. ඇත්තේ ශ්‍රී ලාන්කික යෝනක (Sri Lankan Moor ) සහ සින්හල යන ජාති දෙකය. මුස්ලිම් යනු ඉස්ලාම් ආගම අදහන උදවිය ට කියනා නමකි. බොදු යනු බුද්දාගම අදහන අයට කියන නමකි. පසුගියදා අලුත්ගමදී සිදු වුනේ ජාතිවාදී ප්‍රශ්නයක් නොව ආගම්වාදී ප්‍රශ්නයකි (කවුරු හරු හෝ වැරදි වුවත්). එසේ වූ ආගම්වාදී ප්‍රශ්නයකදී Stand against Racism කියා label ගසන්නේ මන්ද කියා මට නොතේරේ.....

    ReplyDelete
    Replies
    1. ඒකෙන්ම උන්ගේ අවබෝධයේ තරම පෙනෙනවා නොවැ. :D

      Delete
  5. මේක මේ සුළු පිරිසකගේ ඕනා එපාකම් මත සිද්ද වෙන දෙයක්.. ඇවිලිලා යන්න දෙන්න නරකයි..

    ReplyDelete